මුහුණු පොතෙන් හඳුනගෙන විදෙස් රටක සිටි ලාංකික කතක් හඳුනාගෙන ඇය රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කල ගුවන් භටයෙකු පොලිස් අත් අඩංගුවවට ගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකීක කතක් මුහුණු පොතෙන් (ෆේස් බුක්) හඳුනාගෙන ඇය සමග සම්බන්ධකමක් පවත්වා ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇය රවටා ඇගෙන් රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ තිස් හතර දහස් අසූ එකක මුදලක් ලබාගෙන වංචාවක් කල බව කියන ගුවන් හමුදාවේ අම්පාර ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු ගුවන් භටයෙක් තෙල්දෙණිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් රටේ සිට මෑතකදී ලංකාවට පැමිණි මෙම කාන්තාව සමග සැකකාර ගුවන් භටයා ලංකාවේ විවිධපලාත් වල ඇය සමග ගමන් බිමන් ගොස් ඇති බවද පොලීසිය කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
තෙල්දෙණිය පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසනවා.
තෙල්දෙණිය පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.




