යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී එම ළිඳ තුළ තිබී පතරොම් 1,393ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉ වත් කිරීමේදී එම ළිඳ තුළ තිබූ බෑගයක තිබී එම පතරොම් තොගය සොයාගෙන ඇති බවයි. ඉඩමේ අයිතිකරුවන් ඒ සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අදාළ බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී පතරොම් 1,393ක් හමුව තිබෙනවා. පොලිසිය සැක පළ කරන්නේ එම පතරොම් යුද සමයේ කිසියම් පිරිසක් විසින් එම ළිඳට දමන්නට ඇති බවටයි. අදාළ පතරොම් තොගය යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් නිෂ්ක්‍රිය කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.