මාතලේ, පලාපත්වල ඉන්ධන පිරවුම්හල අසල සිදුකළ වැටලීමකදි රුපියල් කෝටි තුනකට අළෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ. යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ දඹුල්ල කදවුරේ නිලධාරීන් සමග එක්ව සිදුකල වැටලීමකදීයි.

සැකකරු ඉදිරි විමර්ෂණ කටයුතු සදහා කුරුණෑගල වනජීවී කලාප සහකාර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදුන් බවයි යුද හමුදාව පැවසුවේ.

මේ අතර මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස නවතා තිබූ ලොරි රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබී නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 239 ක පමණ වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් හා කෘමි නාශක තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, යුද හමුදා බුද්ධි අංශය වෙත ලද ලද තොරතුරකට අනුව මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය සමඟ සිදුකල වැටලිමකදීයි. එහිදී අත්අඩංගුවට ගත් රියදුරු, අදාළ දුම්වැටි සහ කෘමි නාශක තොගය සමග ඉදිරි විමර්ශණ කටයුතු සදහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.