වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගයට අද සමත් වුණා. ඒ, අද පැවති ඡන්ද විමසීමේදීයි.

ඒ අනුව ජාතික ජනබලවේගයේ මන්ත්‍රී චින්තක හේවාපතිරණ මහතා එක් වැඩි ඡන්දයකින් සභාපති ධුරයට පත් වූ බවයි මේ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ රැදි සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.