Published
යුද සමයේ සටනකට එහා ගොස් මෙරට ආරක්ෂක අංශ සිදුකළේ මානූෂිය මෙහෙයුමක් බව විද්වතුන් පවසනවා.
ඒ අනුව ශ්‍රි ලංකාව කිසිදු පාර්ශවයකින් සමාව ගතයුතු නැතැයි මානව හිමිකම් ක්‍රියාකාරී මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ.
යුද සමයේදී මානුෂීය ආධාර සේවාවන්ට එල්ල කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවට අයැදීමක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිර්දේශයක් කර තිබීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.
මේ, සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදි හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ද අදහස් පළ කළා.




