Published
යාල ජාතික උද්‍යානයේ කලාප අංක තුන වලස්ගල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
ඒ, වනජීවි නිලධාරින් කණ්ඩායමක් විසින්.
එහිදි ඉතාමත් ම සරුවට වගා කර තිබූ ගංජා හේනක් සොයාගත් බවයි වනජිවි නිලධාරීන් පැවසුවේ.
එහි තිබූ ගංජා ගස්වල වටිනාකමක රුපියල් ලක්ෂ විස්සකට අධික වනවා.
එම වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




