ජනතා විමුක්ති පෙරමුණේ බොරුව රැවටිල්ල මංමුලාව තුළ අද අනාථ වී ඇත්තේ රටේ ජනතාව බවත් අද රටේ තේ ආර්ථිකය කුඩා තේ වතු හිමියන් පවා කඩා වැටී ඇති බවත් කුඩා තේ වතු ක්ෂේත්රයට පොහොර සහනාධාරය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගය රු. 5,000ට කිලෝ 50 පොහොර මිටිය දෙන්න සූදානම් වන විට රටේ ජනතාව තේ, රබර්, පොල්, අපනයන භෝගවලට පොහොර සහනාධාරය අවශ්‍ය නොවන බවට පවසා ජේවීපී එක දිනෙව්වත් අද වන විට තේ ගොවියා පොහොර නොමැතිව අසරණ වී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ මතුගම අගලවත්ත ප්‍රදේශයේ ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය කිරීම සඳහා අගලවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත ජයතිලක මහතාගේ නිවසේ දී පැවැති ජන හමුවක් හා එක්වෙමිනි.
ඔක්තෝබර් 1 වැනි දා සිට එස්වැට් ක්‍රමවේදය නැවත අය කරන බවත් මේ නිසා අපනයනයකරුවන්ට ලැබූ සහන නොලැබි යන බවත් අයි. එම්. එෆ්. එක කියන කියන පදේට නටමින් වත්මන් රජය අයි. එම්. එෆ්. එකේ රූකඩයක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියා.
අද ජාතික ගීය ශ්‍රී ලංකා මාතා නොව අයි. එම්. එෆ්. මාතා වී ඇති බවත් අයි. එම්. එෆ්. කොන්දේසිවල හිරකරුවන් බවට වහලුන් බවට වත්මන් රජය පත්ව ඇති බවත් වත්මන් රජය රටේ ජනතාව භාවිත කර වරම ලබා ගෙන තුට්ටු දෙකට ජනතා වරම අයි. එම්. එෆ්. එකට වෙන්දේසි කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.


