Published
ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර නැරඹීම සඳහා පැමිණි ජනතාවගෙන් මහනුවර නගරය පිරී ඉතිරි ගොස් තිබෙනවා. පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා ඇති අයුරු එහි සංචාරය කළ නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වුණා. ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද පස්වරු 06.51ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාමුඛව වීථි සංචාරය කිරීමට නියමිතයි. අවසන් මහා රන්දෝලි පෙරහර පිළිබඳ තවත් තොරතුරු එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.
මේ අතර දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විශ්ණු දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කෙරෙනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු එම දේවාල භූමියේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ. මහින්දගෙන්.
























