නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාරවලද අද දිනයේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලු රැදවියන්ට බන්ධනාගාර තුළදී අමුත්තන් බැලීමට ද අවස්ථාව සලසා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම රැදවියන්ගේ ඥාතීන්ට අද දිනයේ එක් රැදවියෙකුට ප්‍රමාණවත් ආහාර සහ රස කැවිලිද ලබාදිය හැකියි.

ඒ අනුව සියලු බන්ධනාගාරවල මේ වනවිට අමුත්තන්ගෙන් පිරී ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර බන්ධනාගාර මගින්ද අද දිනයේ රැදවියන්ට දහවල් විශේෂ ආහාර වේලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඊට වෙනදා ලබාදෙන සාමාන්‍ය බත් වේල වෙනුවට කහ බතක්ද ඇතුළත්.

කතෝලික රැදවියන් වෙනුවෙන් සෑම බන්ධනාගාරයකදිම අද දිනයේ විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.