Published
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද උදැසන අත්අඩංගුවට ගැණුනා.
ඒ, යාපනය, ඉලවාලි පොලීිසියට ලද පැමිණිල්ලකට අනුවයි.
ගිනි අවියක් පෙන්වා සාපරාධී බියවැද්දීම සහ අයුතු ඇතුළුවීම යන චෝදනා යටතේ ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.




