සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බවයි පොලිසීය පැවසුවේ.

ඒ හේතුවෙන් සෝමාවතිය පුද බිම වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබෙනවා.

ඊයේ දහවල් සිට මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබුනා

මේවනවිට සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් අඩි 03කට වැඩි ප්‍රමාණයක් යටවී ඇති බවයි පුලස්තිපුර පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.