Published
මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හෙට (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව උන්වහන්සේව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, මහේස්ත්‍රාත්වරයා විසින් උන්වහන්සේව මෙලෙස හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා කරන්නෙ.



