Published
කොළඹ ප්රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 09ක කාලයක් ක්රියාත්මක වීමට තිබූ ජල සැපයුම අත්හිටුවීම අවලංගු කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ හා නාවල ඇතුළු තවත් ප්රදේශ ගණනාවක ජල සැපයුම අත්හිටුවීමට මීට පෙර තීරණය කර තිබුණා.
කොලොන්නාව, ෂෘ්ය, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන හා මොරටුව යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමටයි මීට පෙර තීරණය වී තිබුණේ.
කෙසේවෙතත් එම තීරණය අවලංගු වීම හේතුවෙන් හෙට දිනයේ පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ අදාල ප්රදේශවල ජල සැපයුම අත්හිටුවීමක් සිදුනොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.




