ජනතා විමුක්ති පෙරමුණේ 36 වන ඉල්මහ සමරුව කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී අද පස්වරුවේ පැවැත්වුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියාසිටියේ දිනාගත් බලය පොදු ජනයාගේ යහපත වෙනුවෙන් පමණක් යොදවන බවයි.

බිහි වී ඇති කළු අපරාධ රාජ්‍යයෙන් රටත් ජනතාවත් මුදාගන්නා බවට සහතික වන බවද ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.