සුනාමි ව්‍යවසනයේදී රටට සිදුවූ හානියට වඩා වැඩි හානියක් මෙවර ආපදාවේදී සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්තී මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මෙම ආපදාවේදී රටට සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර ප්‍රමාණයක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවයි.

මේ අතර නිවසේ අයිතිය පිළිබඳ සලකා බැලීමකින් තොරව හානියට පත් නිවාස සදහා ලබාදෙන රුපියල් 25,000ක් මුදල අද සිටම ලබාගත හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.