බතලගොඩ වී පර්යේෂණ ආයතනය ඇතුළු බීජ පර්යේෂණ ආයතන සක්‍රීය කර ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට අදාළ වැඩපිළිවෙළ කඩිනමින් සිදු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඊට අවශ්‍ය පරිසරය, පහසුකම්, නායකත්වය සැපයීම සහ බාධාවන් ඉවත් කිරීම රජයක් ලෙස හොඳින් වටහාගෙන කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළා.