මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට රාත්‍රි හතේ සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය පවසනවා.

ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට රාත්‍රී හතේ සිට අනිද්දා පෙරවරු 07.00 දක්වා ජල සැපයුම එලෙස අත්හිටු වන බවයි ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.