​පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය වන stf.lk අද (27) දින නිල වශයෙන් අන්තර්ජාලයට දියත් කෙරුණා.

​විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේදී පැවැති මෙම උත්සවය සඳහා විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා ප්‍රධානත්වය පැවැත්වුණා.

​විශේෂ කාර්ය බලකායේ විශේෂිත ඒකක, කඳවුරු පිහිටීම, නිල නිවේදන සහ ටෙන්ඩර් කැඳවීම් වැනි තොරතුරු මහජනතාව වෙත කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව ලබාදීම මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වනවා.

​එමෙන්ම මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ නිලධාරීන් වෙනුවෙන් ඇගයීම් පිරිනැමීම ද මෙහිදී සිදුකෙරුණා.