හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අත් වූ ඉරණම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට අද පෙරවරුවේ පැමිණ ඉන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණියා. එම අවස්ථාවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක්ද එක්ව සිටියා. මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් අනතුරුව ඔහුගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැමිණියා.