Published
නිරන්තරයෙන් ආන්දෝලනයට සහ විවේචනයට ලක් වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කරගත් දේශපාලන ජයග්‍රහණයක් පිළිබඳ විදෙස් මාධ්‍ය අද තොරතුරු වාර්තා කළා.
ඒ, අමෙරිකානු කොංග්‍රසය විසින් බදු කප්පාදු සහ වියදම් අඩු කිරීම් පිළිබඳ ට්‍රම්ප්ගේ අමෙරිකානු ඩොලර් ටි්රලියන 4යි දශම 5ක දැවැන්ත යෝජනාව සම්මත කරමින්.
රිපබ්ලිකන් ප්රමුඛ මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 218ට 214 ලෙස එම යෝජනාව සම්මත වී තිබුණා.
මෙය ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය තුළ ඔහු ලැබූ ප්‍රධාන ව්‍යවස්ථාදායක ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන්නේ.
කොංග්රස් අයවැය කාර්යාලය ඇස්තමේන්තු කරන්නේ මෙම පනත හරහා ඉදිරි වසර 10 තුළ ඩොලර් ටි්රලියන 3යි දශම 3ක් එකතු කළ හැකි බවයි.
මෙම පනත් කෙටුම්පතට ඩොලර් ටි්රලියන 4යි දශම 5ක් පමණ බදු කප්පාදු අඩංගු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.