උතුරු මැද පළාත් සභාව සතුව තිබු සුඛෝපභෝගි වාහන කිහිපයක් අයථා ලෙස වෙන්දේසි කර රජයට විශාල මූල්‍ය පාඩුවක් කල බවට වන අසත්‍ය ප්‍රකාශයක් මාධ්‍යයට සිදු කර ඇති බවට චෝදනා කරමින් ගුරු වෘත්තියේ රාජකාරි වැඩ තහනම් කරනු ලැබ සිටි ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වාහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ එම් එච් එස් කේ ජයලත් මහතා විසින් යළි සේවයේ පිහිටුවා තිබෙනවා.
ඒ ගුරු සංගම් සභාපතිවරයාගේ ගුරු වෘත්තියේ රාජකාරි වැඩ තහනම් කරමින් උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර තිබූ ලිපිය බල රහිත කර සේවය අත් හිටවු දිනයේ සිට ඔහු හිඟ වැටුප් ද සමඟ යළි සේවයේ පිහිටුවන ලෙසට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලබා දුන් නියෝගයකට අනුවය.
ගුරු සංගම් සභාපතිවරයා යළි සේවයේ පිහිටුවා ගුරු වෘත්තියේ රාජකාරි වැඩ තහනම් කල දිනයේ සිට අත් හිටුවා තිබූ ඔහුගේ සියළු හිග වැටුප් ද වාහාම ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.
උතුරු මැද පළාත් සභාව සතුව තිබූ සුඛෝපභෝගි වාහන කිහිපයක් අයථා ලෙස වෙන්දේසි කරමින් රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු කල බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ ගුරු වෘත්තියේ රාජකාරි වැඩ තහනම් කරමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් යළි සළකා බැලීමෙන් අනතුරුවයි.
ලංකා ගුරු සංමගයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණත්න මහතා මගින් අනුරාධපුර මහාධිකරණයට යොමු කොට තිබූ මෙම රීට් පෙත්සමේ වගඋත්රකරුවන් ලෙස නම් කර සිටියේ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ එම් එච් එස් කේ ජයලත් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ එම් ජයසිංහ උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් පී එස් විමලවීර සහ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂි මංජරිකා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ය.