Published
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේදී මීටර් 100 නිදහස් ආර පිරිමි පිහිනුම් ඉසව්වෙන් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට ශ්රී ලංකාවේ දිසඳු නිරිඇල්ල අද සමත් වුණා.
ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ මෙම ඉසව්වේ මූලික වටයේ තුන්වන තරඟයට සහභාගි වෙමින්.
එහිදී තත්පර 52යි දශම 0යි 2ක කාලයකින් තරඟය නිමා කිරීමට දිසඳු සමත් වුණා.
කෙසේ වෙතත් ඔහුට හිමි වූයේ මෙම තරගයේ 9වන ස්ථානයයි.
ඒ අනුව අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ඔහුට හැකි වූයේ නැහැ.


