Published
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනම්ව විනාශ කිරිම සඳහා නව නීති සම්පාදනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවත්, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බවත්, ඒ සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් කාටත් පිළිගත හැකි පරිදි සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.





