22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කළ විරෝධතාව මීට නොබෝ වේලාවකට පෙර අවසන් වුණා.

ඇදහැළෙන වැසි ද නොතකා එම විරෝධතාවයට එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාව ආවරණය කළා නෙත් නිවුස් විශේෂ නියෝජිත ලහිරු කපුගේ.

මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා යන්න තේමා කරගනිමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් අද උදෑසන සිට සමගි ජන බලවේගයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්වෙමින් දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. එම විරෝධතාවය පොල්දූව මංසන්ධිය ආසන්නයෙන් ආරම්භ වී පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා ගමන් කරන ආකාරයක් තමයි අපට දක්නට ලැබුණේ.ඉතින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි, උදෑසන මෙම විරෝධතාවය ආරම්භ වීමට පෙර සිටම තිබුණු දැවැන්ත වර්ෂාපතනය, තව වෙනකොටත් ඒ වර්ෂාපතනය පැවැත්වෙනවා. කෙසේ නමුත් ඒ දැඩි වර්ෂාපතනය මැද මෙම විරෝධතාවය පැවැත්වුණා. මන්ත්‍රීවරුන් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එපා කියමින් තමයි මෙම විරෝධතාවය පැවැත්වුණේ.මන්ත්‍රීවරුන් ඇතුළුව, විශේෂයෙන්ම ජනතාවත්, පාක්ෂිකයින් විපක්ෂය නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටිනු අපට දක්නට ලැබුණා. ඉතින් මේ වන විට එම විරෝධතාවය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර තමයි එම විරෝධතාවය සම්පූර්ණයෙන්ම අවසන් වුණේ. ඉතින් මෙයයි මේ වන විට පවතින තත්ත්වය. නෙත් නිවුස් වෙනුවෙන් මම ලහිරු කපුගේ පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ සිට.