Published
ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට අද අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රීයව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.
ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව ද ඉහල ගොස් ඇති බව නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවා.




