Published
කොළඹ විහාර මහාදේවි උද්යානයේ සිදු කළ සත්යග්රහය තාවකාලිකව නතර කර තිබෙනවා.
සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සදහා මැදිහත් වන බවට මහා නා හිමිවරුන් ලබා දුන් ලිඛිත පොරොන්දුවක් මත සත්යග්රහය තාවකාලිකව නතර කළ බවයි පූජ්ය බලංගොඩ කස්සප් හිමි පැවසුවේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහය අද පැවැත්වුණේ දස වන දිනටයි.



