Published
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා අද සහ හෙට වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නාය යාම් සහ ජල ගැලීම් හේතුවෙන් ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබූ බවයි.
දැනට ගැටලු පවතින්නේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවල බවත්, ඒ ප්‍රදේශවලින් නුවරඑළිය සහ නුවර සැලකිය යුතු මට්ටමේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ බිඳ වැටුණු සන්නිවේදන ජාලයේ ගැටලුවලින් අද වන විට සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක් නිරාකණය කර ඇති බවයි.




