මාතලේ කොටුවෙ ගෙදර ප්‍රදේශයේ නිවසක කුලි පදනම් මත රැඳී සිටි යුවළක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාතලේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ නරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 6ක් සොයා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

අදාළ සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණා.

එම සැකකාර යුවළ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හරහා දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන අහුන්ගල්ලේ බැජී සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ

මිට අමතරව අදාළ කාන්තාවට මත්ද්‍රව්‍ය ලබා දෙන්නේ දැනට ඩුබාහි වෙසෙන දකුණේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවටද තොරතුරු ලැබීි තිබෙනවා.