මෙම වසරේ අවසන් කාර්තුව සඳහා පවතින විදුලි ගාස්තුව වෙනසකින් තොරව එලෙසම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය වසරේ අවසන් කාර්තුව සඳහා ඉල්ලා සිටි සියයට 6.8ක විදුලි ගාස්තු වැඩි වීමට අවසර ලබා නොදෙමින්.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහචාර්ය කේ පී එල් චන්ද්‍රලාල් මහතා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහචාර්ය කේ පී එල් චන්ද්‍රලාල් මහතා.