ඉරානය සහ අමෙරිකාව අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම හෙට (14) දිනයේදී අත්සන් කෙරෙනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ, අමෙරිකානු ජනාධිපතිවරයා සිය truth social ගිණුමේ සටහනක් තබමින්.

එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව වහාම හෝමූස් සමුද්‍ර සන්ධිය සැමට විවෘත වනු ඇතැයි ද ඔහු පවසනවා.

ඉරානය සමග අමෙරිකාවට ඇති සම්බන්ධතාවය පෙර අමෙරිකානු පරිපාලනයන්ට වඩා බෙහෙවින් වෙනස් සම්බන්ධතාවක්.

ඒ අනුව ඉදිරියේදී ඉරානය සහ සමස්ත මැදපෙරදිග සමගම වැඩ කිරීමට බලාපොරොත්තු වන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා.

කෙසේ වෙතත් ඉරානය සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම අත්සන් කිරීම හෙට දිනයේදී සිදු නොවනු ඇති බවයි.