Published
හැටන්, දික්ඔය නගරයේ වෙළදසැලක් තුල ජීවත් වූ අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 82 හැවිරිදි එස්.කාලිමුත්තු සත්තිවේල් සහ 82 හැවිරිදි සගුන්තලාදේවි නැමති ඔහුගේ බිරිද බවයි පොලීසිය පැවසුවේ.
ඝාතනයට ලක් වූ අඹූසැමි යුවලගේ දරුවන් කොළඹ ප්රදේශයේ පදිංචිව සිටින බවට අනාවරණ වී තිබෙනවා.
ඝාතනයට ලක් වූ අඹුසැමි යුවල කාලයක් තිස්සේ එම වෙළදසැල පත්වාගෙන ගොස් ඇති අතර පසු කාලයකදීවෙළදසැල වසා දමා ඔවුන් දෙදෙනා එහි ජීවත්ව සිට ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.
කිසියම් පුද්ගලයෙකු මෙම වෙළදසැල තුළට පිවිස එම අඹුසැමි යුවළ ඝාතනය කර පලා ගියේද? නැතහොත් මෙය පවුලේ ආරවුලක් මත සිදු වූ දෙයක්ද යන්න පිලිබදව හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.










