පෑලියගොඩ, දික්පිටිගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සහ දුම්වැටිය තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 50 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලිග්‍රෑම් 660 ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74යි මිලි ග්‍රෑම් 450 ක් සහ තීරු බදු නොගෙවා මෙරටට රැගෙන එන ලද දුම්වැටි 8,800 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.