පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විදෙස් ගතවීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ නාලන්ද විද්‍යාලයේ ද්විතික අධ්‍යාපනය ලැබූ සංජීව ධර්මරත්න මහතා ගණිත විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත්ව විද්‍යාවේදී ( භෞතික විද්‍යා) උපාධියක් ලබා ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව 1999 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන ඔහු කළුතර පොලිස් අධ්‍යාස විද්‍යාලයෙන් මුලික පුහුණුව ලබා දිස්ත්‍රික් හා කොට්ඨාස භාර නිලධාරියෙක් මෙන්ම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසද දිවයිනේ සෑම ප්රදේශයක්ම පාහේ සේවය කර තිබෙනවා.
2020 වසරේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වීම් ලබන සංජීව ධර්මරත්න මහතා උතුරු පළාත් ඇතුළු විවේනි පළාත් හයක පොලිස් ප්‍රධානියා ලෙස රාජකාරී කළ නිලධාරියෙකි.
පොලිස් සේවයට බැඳීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් "අපරාධ විද්‍යාව" හා "අපරාධ යුක්තිය" පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධියද ලබාගෙන ඇති හෙතෙම ඕස්ට්‍රේලියාව, ජපානය ,ස්කෝට්ලන්තය, ඇමෙරිකාව, එක්සත් ජනපදය සහ රුසියාව යන රටවල විශ්වවිද්‍යාල සහ පොලිස් විද්‍යා පීඨවල අධ්‍යයන කටයුතු හා පර්යේෂණ අත්දැකීම් ලැබූ විද්වතෙක් වෙනවා.
නීතිය සැමට නොවෙනස්ව අකුරටම ක්‍රියාත්මක කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ විනය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ ප්‍රසාදයට ලක්ව ඇති සංජීව ධර්මරත්න මහතා පක්ෂ අපක්ෂපාති සෘජු පොලිස් නිලධාරියකු ලෙස මහජනයා අතර ද ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධුරයේ වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් තැබූ සටහනක් පහතින්
දයාබර සංජීව සර්,
කීර්තිමත් ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරයාට පමණක් දෙවැනි වන ධුරයට පත්වූ ඔබතුමාට මගේ උණුසුම් සුබ පැතුම්! ඔබතුමා නොමැති අඩුව සබරගමුව පළාතට තදින් දැනෙන නමුත් දැන් ඔබතුමාගේ සේවය රටටම ලැබීම සතුටක්. අදටත් මට හමු වූ විශිෂ්ටතම නායකයා ඔබයි. මතු දිනෙක ඔබතුමා මේ රටේ පොලිස්පතිවරයා වන බව මට විශ්වාසයි. ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!




