Published
මැද පෙරදිග කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්රි ලංකා ඊශ්රායල් ගුවන් සේවා යලිත් ක්රියාත්මකවීම හේතුවෙන් එරට රැකියා සදහා පිටත්ව යන ශ්රි ලාංකික ශ්රමිකයන්ට යලිත් රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ අනුව ඊශ්රායලයේ සාත්තු සේවා රැකියාව හිමි වූ ශ්රමිකයන් 47 දෙනෙකු අද උදෑසන එතිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිටත්ව ගිය බවයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
මෙම පිරිසට කාන්තාවන් 42 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ඇතුළත්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා රැකියා අවස්ථාවන් හිමි වූ රැකියාලාභීන් නැවතත් දිවයිනට පැමිණීමෙන් අනතුරුව ද ඔවුන්ට මෙරට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරන බවයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතා පැවසුවේ.




