කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ දි ඊයේ රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙම වෙඩ් තැබිම රූපලාවන්‍යාගාරයක් තුළදීසිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම තුවාලකරුවන් සිව්දෙනා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙන අතර,යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුු කළ පලා ගොස් ඇති බවයි පොලිසිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර කළුතර, වාඩිය මංකඩ ප්‍රදේශයේ ද ඊයේ රාත්‍රියේ වෙඩි තැබිමක් සිදුවුණා.

එම වෙඩ් තැබිමෙන් තුවල ලැබු පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව බවයි පොලිසිය පැවසුවේ.