බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී පසුගිය 24 වනදා ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

මේ අතර පසුගිය 22 වනදා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, ලින්ටන් ක්‍රීඩාංගණය අසලදී සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 17 හැවිරිදි අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවයි.