Published
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්රදේශවලද විටින් විට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.