Published
හිරු එළියෙන් සමේ පිළිකා සෑදීමේ අවදානමක් පවතින බැවින් පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා හිරු එළියෙන් ආවරණය වීම වැදගත් බව කලුතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලාල් මහත්මිය පවසනවා.
ඒ, ගෝලීය පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සහ පිළිකා රෝගීන් පුනරුත්ථාපන සේවා වැඩසටහන ව්‍යාප්ත කිරීම පිළිබඳව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
පිළිකා රෝගීන් වාර්ෂිකව සම්මත වශයෙන් 35,000ක් පමණ වාර්තා වනවා.
එයින් කාන්තාවන් 15,000ක් පමණ වන අතර, පිරිමින් 20,000ක් පමණ වන අතර දිනකට සමාන්‍යයෙන් රෝගීන් 100ක් පමණ හඳුනාගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.




