Published
කොළඹ - පුත්තලම මාර්ගයේ ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.
ලබන වසර අවසාන වන විට මෙරට ප්‍රධාන මාර්ග සියල්ලේම ඒකාබද්ධ කාලසටහනකට අනුව බස් රථ ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.