ලබන මස මැද භාගය වන තෙක් ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

පුළුල් බඳ සහිත ගුවන් යානා මගින් සපයන ජාත්‍යන්තර සේවා එලෙස අඩු කිරීමටයි එයර් ඉන්දියා ගුවන් සමාගම තීරණය කර ඇත්තේ.

සිය ගුවන් මෙහෙයුම ද ස්ථාවරත්වය තහවුරු කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් එම සමාගම මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අවම වශයෙන් පුද්ගලයින් 270කට මරු කැඳවමින් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පසු එම ගුවන් සේවාව සම්බන්ධයෙන් පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් යානයක් ආපසු හරවා යැවීමට සිදුවීම හා බෝම්බ බියක් හේතුවෙන් තවත් ගුවන් යානයක් ප්‍රමාද වීම හේතුවෙන් එයාර් ඉන්දියා ගුවන් සේවය සම්බන්ධයෙන් පාරිභෝගික විශ්වාසය පළුඳු වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

2014 වසරේදී මැලේසියානු ගුවන් සේවයේ යානයක් අනතුරට ලක්වීමෙන් පසු එම ගුවන් සමාගමද පෙර නොවූ පරිදි මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නා.

එම තත්ත්වයෙන් පසු මැලේසියානු ගුවන් සේවය නැවත ලබා ලැබීමට දශයකය පමණ කාලයක් ගත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.