සැලසුම් කළ පරිදි නොවැම්බර් 30 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සමග ඊයේ පැවති සාකච්ඡාවේදී සිය ගැටළුවලට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

''ගුරු සහ විදුහල්පතිගේ වැටුප් විෂමතා 1987 ඉඳන් තියෙනවා. ඒ වැටුප් විෂමතා ඉවත් කිරීමට පැවති රජයන් යටතේ සුබෝධනී කමිටුව යෝජනා කරා වැටුප් විෂමතාව සඳහා යෝජනාවක්. ඒ යෝජනාවෙන් ඒ වැටුප් යෝජනාවෙන් තුනෙන් එක කොටසක් 2022 ඉඳන් ලැබුණා. ඉතිරි තුනෙන් දෙක ලබා ගැනීම වෙනුවෙන් තමයි නිරන්තරයෙන්ම අපි අරගල කළේ. එතකොට ඒ සම්බන්ධයෙන් මේ අයවැය තුනේදීම සඳහනක් නෑ. දැන් මේ තත්ත්වය සම්බන්ධයෙන් තමයි අපි ඊයේ කතා කළේ. නමුත් අපිට දැනගන්න ලැබුණ දේ තමයි සුබෝධනී කමිටුව ඉදිරිපත් කරපු වාර්තාව වර්තමාන රජය පිළිගන්නේ නෑ කියන කාරණාව. ඒ වගේම ගුරු අධ්‍යාපන පද්ධතියට සියයට හයක් වෙන් කිරීම සම්බන්ධයෙන් පවා පැහැදිලි උත්තරයක් ලබා දුන්නේ නෑ. ඒ වගේම විදුහල්පතිවරුන්ගේ දීමනා මේවාවත් දෙන්න වැඩපිළිවෙළක් හදලා නෑ. ගුරු විදුහල්පති දුෂ්කර දීමනාව රුපියල් 15,000 කරන්න කිව්වා, ඒ ගැන එකක් නෑ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ ක්‍රියාවලියට විරෝධය පළ කරන්න වෙන විකල්පයක් නෑ.''