පොරොන්දු වූ පරිදි සිය ගැටලුවලට නිශ්චික කාලයක් තුළ බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් අත්හිටවූ සංකේත වැඩ වර්ජනය යළි ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා සමග ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී ඔවුන් විසින් එකඟතාව පළ කළ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිට රැස් වී සිටිනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා.

ස්ථාන මාරු ගැටලු කිහිපයක් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 08 සිට රට පුරා සංකේත වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතව සිටියා. කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමටයි එම සංගමය තීරණය කළේ.