ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවිය යුතු බවයි මෙහිදී පැවසුවේ.

මේ අතර ලංකා ධීවර සංස්ථාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා.

එහිදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මැදිහත් වීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පසුව පිළිතුරු දුන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ ධීවර සංස්ථාව විසින් මිලදී ගන්නා මසුන් ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බවයි.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ ධීවර සංස්ථාව ඈවර කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේද යන්න පිළිබඳවයි.