ආසියා කුසලාන රයිසින් ස්ටාර්ස් 2026 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්ථාන ‘ඒ‘ කණ්ඩායම සමත් වුණා.
ඒ, ඊයේ දෝහාහිදී පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 232ක් රැස් කළා.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ ශහදත් හොසේන් ඩිපු නොදැවී ලකුණු 103ක් රැස් කළ අතර, මහිදුල් ඉස්ලාම් අන්කොන් ලකුණු 42ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී සුෆියන් මුකීම් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර, අලි රාසා සහ හසන් නවාස් කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.
ජයග්රාහී ලකුණු 233ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
පාකිස්ථාන ‘ඒ‘ ඉනිම වෙනුවෙන් හසන් නවාස් ලකුණු 62ක් සහ ශාසයිබ් ඛාන් ලකුණු 50ක් රැස් කළ අතර, අගනා සබඳතාවක් ගොඩනැඟූ නායක අබ්දුල් සමද් ලකුණු 44කට දැවී ගියා. ]ෆර්හාන් යූසෆ් නොදැවී ලකුණු 46ක් රැස් කරමින් කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගියා.
පන්දු යැවීමේදී රිපොන් මොන්ඩොල් සහ රකිබුල් හසන් කඩුලු 2 බැගින් දවා ගත්තා.
තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පිත්තෙන් ලකුණු 62ක් රැස් කර පන්දුවෙන් ද කඩුලු 2ක් දවා ගත් හසන් නවාස්ටයි.
ඒ අනුව, තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්ථාන ‘ඒ‘ කණ්ඩායම ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.
දෙරට අතර අවසන් මහා තරගය දෝහාහිදී හෙට පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.




