Published
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අනුව එළඹෙන 30 වනදා දක්වා අදාළ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ.
පවතින ආපදා තත්ත්වය හමුවේ යම් නිලධාරියෙකුට තමා අනුයුක්ත කර ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි නම් ළඟම ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
මේ අතර, හදිසි ආපදා තත්ත්වයන් සඳහා ක්ෂණික ඇමතුම් අංක 117, 119 යන අංක ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසුවා.




