Published
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් රක්ෂිත ඉඩම්වල ඉදිකර ඇති ගොඩනැගිලි ඉවත් කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළට තමන් කිසිසේත්ම එකඟ නොවන බව නුවර වැව අවට ඉඩම් සුරැකීමේ සංවිධානය පවසනවා.
එම සංගමයේ නියෝජිතයින් පෙන්වා දෙන්නේ නුවර වැව ආශ්‍රිතව පවතින ඉඩම් සඳහා නීත්‍යනුකූල ඔප්පු පවතින බවයි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් ජයභූමි සහ ස්වර්ණ භූමි ඔප්පු තමන් වෙත ලබා දීමට කටයුතු කළ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
වැව් ආශ්රිත ගොඩනැගිල් ඉවත් කිරීමේදී ජනතාව පීඩාවට පත් වන කිසිදු තීරණයක් නොලන්නා බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේනක නානායක්කාර මහතා පැවසුවේ.