ගිනිගත්හේන දියගල හරහා නෝර්ටන්බි්රජ් සිට ශ්රී පාදය දක්වා ගමන් ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක් වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ, ගිනිගත්හේන දියගල හරහා නෝර්ටන්බි්රජ් මස්කෙළිය ශ්රීපාද මාර්ගයේ පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන්.
එම මාර්ගයේ නව බේලි පාලමක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බැවින් අද සිට එළඹෙන 24 වනදා දක්වා එලෙස එම මාර්ගය වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.
මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාණ හරහා නෝර්ටන්බි්රජ් මාර්ගය සහ හැටන් නෝර්ටන්බි්රජ් මාර්ගය භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
එම පාලම වසර 04ක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත්, පවතින වර්ෂාවත් සමග පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් ප්රදේශවාසීන් පැවසුවා.