Published
                
                 
                
            රටේ ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ දිනෙන් දින ඉහළ යන ඝාතන ඊට කදිම සාක්ෂියක් බවයි.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ රටේ තැන තැන සිදුවන පුද්ගල ඝාතන මේ වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ යමින් ඇති බවයි.
ජාතික ආරක්ෂාව පුරවැසියන්ගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ.




