විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි ගුරු සංවර්ධන නිලධාරීන් ඇතුළු රැකියා විරහිත උපාධිධාරීන් හමුවූ අවස්ථාවේ දී කල අදහස් දැක්වීම.
අප රටේ බරපතල ගුරු හිගයක ඇති අවස්ථාවේ ගුරු සංවර්ධන නිලධාරින් වසර ගණනාවක් කැපකිරීම් කර 41 ලක්ෂයකට වැඩි පාසල් දූදරුවන් වෙත අධ්‍යාපනය ලබා දී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න ගුරු සංවර්ධන නිලධාරීන් 22000ක් කටයුතු කළ බවත් අද ඒ අතරින් 16600ක් සිටින බවත් සෙසු අය කළ කිරීම නිසා ඉවත් වී ඇති බවත් මැතිවරණ සමයේ මේ රජය විපක්ෂයේ සිටින විට මේ ගුරු සංවර්ධන නිලධාරින් ගුරු සේවයට ඇතුළත් කරන්න තීන්දු, පොරොන්දු හා ප්‍රතිඥා දුන් නමුත් අද ඒවා කඩ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එබැවින් මේ 16600ට ගුරු සේවයේ පත්වීම් ලබා දෙන්න කටයුතු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් ඇති සමථකරණ තීන්දුව ක්‍රියාත්මක කර වසර ගණනාවක් මොවුන් අධ්‍යාපන කටයුතු කර ඇති නිසා මොවුන්ට ඒ සම්බන්ධ වටිනාකමක් ලබා දෙන ලෙසත් කළපුරුද්ද දැකපුරුද්ද හා පළපුරුද්ද මේ අයට ඇති නිසා රටට විහිලු සපයන්නේ නැතිව පොරොන්දු වූ ආකාරයට මොවුන්ගේ රැකියා නිසි පරිදි ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම මැතිවරණ සමයේ කතිරය ගන්න රැවටීම් කර අද මොවුන් අමතක කර ඇති බවත් කරුණාකර මේ කියපු දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් බැවින් තවදුරටත් රැවටිම් කළ නොහැකි බවත් මේ රැවටීම නතර කළ යුතු බවත් මොවුන්ගේ රැකියා ලබා දෙන තුරු මේ සටනට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ගුරු සංවර්ධන නිලධාරීන් 16600 ගැන තමා පාර්ලිමේන්තුවේ කතා කරමින් ඉල්ලා සිටියේ විසදුම් බවත් ඊට අමතරව රැකියා විරහිත උපාධිධාරීන් 35000ට ද රැකියා අපේක්ෂාවෙන් සිටින බවත් කෙසේ හෝ මොවුන්ට රැකියා ලබා ගැනීම තමාගේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.




