සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ දින අලුයම 01.45 ට පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන්ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ – 320 වර්ගයේ එයාර් බස් ගුවන් යානයක් ගුවන් මගීන් 93 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යන අතරතුර දී එලෙස කාර්මික දෝශයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
මෙඩාන් ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගෙන් කාර්මික දෝශයට ලක්වූ ගුවන් යානය අලුත්වැඩියා කර ගැනීම සදහා විමසීමක් සිදු කර ඇති අතර, එහිදී මේ සදහා විශාල කාළයක් තමන්ට වැය වන බව පවසා, ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන් අනතුරුව අදාළ ගුවන් යානයෙන් මගීන් බස්සවා, එම ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට මෙඩාන් ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයක්, සිංගප්පූරුව වෙත රැගෙන යාමට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බලධාරීන් කළ ඉල්ලීමක්ද මෙඩාන් ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්දුනීසියානු රජය සමග රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර, මෙම ගුවන් මගීන් පිරිස, මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අද පස්වරු 01.45 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් කාර්මික දෝශයකට ලක් වී ඇති ගුවන් යානය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් රැගෙන ගුවන් යානා ඉංජිනේරුවරුන් පිරිසක් ද සමග මෙඩාන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබෙනවා.
එලෙස පිටත්ව ගිය ගුවන් යානය මගින් දැනට මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් තුළ රැදී සිටින ගුවන් මගීන් පිරිස ද සිංගප්පූරුව වෙත රැගෙන යාමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ.